Sunday, September 22, 2024

General line - 0115112241

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සැරසෙයි




මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. 

ඒ ඉල්ලීම් 18ක් මුල් කර ගනිමින්.

ඒ අනූව ලබන සදුදා සිට කාර්මික නිලධාරීන් වර්ජනයේ නිරත වන බවයි මාර්ග සංවර්ධන කාර්මික නිලධාරී සංගමයේ ලේකම් ජෝර්ජ් අනුරාධ සඳහන් කළේ. 

ලබන 17 වැනි දා සිට රාජකාරිවලින් බැහැර වන බවත් සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාර නොලැබුණහොත් ලබන 24 වැනිදා සිට රාජකාරිවලින් සම්පූර්ණයෙන් බැහැරවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.