Monday, September 23, 2024

General line - 0115112241

බංග්ලාදේශ ජනපති ශ්‍රී ලංකාව අගයයි (PHOTOS)




ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු කරා ගමන් කරන රටක් ලෙස දෙරටේ සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබෙන බව බංගලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් පවසනවා. 

බංගලාදේශයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (14) පස්වරුවේ පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. 

මෙම හමුව සිදු වූයේ බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේදීයි. 

තමා ද ගමෙන් පැමිණි ජනාධිපතිවරයෙකු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණි ජනාධිපතිවරයෙකු  ලෙස ශ්‍රී ලංකීය ජනතාවට ඉටු කරන නිහතමාණී සේවය බංග්ලාදේශ ජනාධිපතිවරයා මෙහි දී ඇගයීමට ලක් කළා.

මෙම හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ සංස්කෘතික ප්‍රසංගයකට ද එක් වුණා.