Monday, September 23, 2024

General line - 0115112241

ඩෙංගු මඩින ජාතික ක්‍රියාන්විතයට නෙත් එෆ් එම් රේඩියෝවත් එක් වෙයි - ඩෙංගු චැලේන්ජ් මහ ඇමතිවරුත් භාර ගනියි

ඩෙංගු මර්දනය සඳහා ප්‍රකාශිත ජාතික ක්‍රියාන්විතය රාජ්‍ය හා පෞද්ගලික සියලු මාධ්‍ය ආයතන ප්‍රමුඛව පාර්ශව ගණනාවක සහභාගීත්වයෙන් අද (15) සිදු කෙරෙනවා. 

උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වා ලංකාවාසී සියලූ වැසියන් එකම වේලාකවක දී තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරිම මෙහි දී සිදු කෙරෙනු ඇති. 

ඩෙංගු මර්දනය සඳහා මාධ්‍ය ආයතනයක් ලෙස පළමුව පෙරමුණ ගත් නෙත් එෆ් එම් රේඩියෝව ද ඊට එක්වන්නේ දැඩි ඕනෑකමකින්. 

වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. 

එවැනි තවත් මෙහෙයුමක් හෝමාගමදී අද සිදු කිරීමට නියමිතයි. 

හෝමාගම මධ්‍යම මහා විද්‍යාලීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සිදු කෙරෙනවා. 

හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, රාජ්‍ය ආයතන ද මීට එක්වීමට නියමිතයි. 

වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පය යටතේ සංවිධාන කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුමක් රුවන්වැල්ල ප්‍රදේශයේ ද සිදු කෙරුණා. 

ඊයේ සිදු කෙරුණු මෙම ඩෙංගු මර්දන මෙහෙයුමට සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ද එක්වීම විශේෂත්වයක්. 

ඩෙංගු මර්දනය සඳහා ප්‍රජාව දිරිමත් කිරීම ආරම්භ කෙරුණු නෙත් ඩෙංගු චැලේන්ජ් දාමය ද ප්‍රධාන අමාත්‍යවරයාගේ අගය කිරීමට ලක් වුණා. 

ඔහු පැවසුවේ මෙම අභියෝගය භාර ගන්නා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට ද තමන් යෝජනා කරන බවයි. 

නෙත් එෆ් එම් ඩෙංගු චැලේන්ජ් පළමු අභියෝගය ගායන ශිල්පී ඉරාජ් වීරරත්නට සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම භාර ගත් අතර පසුව ඔවුන් ද මෙම කර්තව්‍යයට දායක වුණා. 

අනතුරුව ඔවුන් විසින් නෙත් එෆ් එම් ඩෙංගු චැලේන්ජ් භාර දුන්නේ රංගන ශිල්පී ටෙනිසන් කුරේට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණටයි. 