Tuesday, May 14, 2024

General line - 0115112241

2011 අවසන් මහා තරගයේ දී මොකද වුණේ - අර්ජුනගේ ප්‍රකාශයට සංගක්කාරගෙන් පිළිතුරු




2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයේ දී කුමක් සිදු වූයේ ද යන්න පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග කළ ප්‍රකාශයට කුමාර් සංගක්කාර ප්‍රතිචාර දක්වා තිබෙනවා. 

ඒ, බී බී සී සංදේශය සමග පවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීයි. 

කුමාර් සංගක්කාර මීට පෙර ස්කයිප් තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීන් අමතමින් 2009 දී පකිස්තානයේ ලාහෝර් නුවර සංචාරයක නිරතව සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීමක් කළා. 

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරනවා නම්, 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පිළිබඳව ද පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට බී බී සී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවේදී කුමාර් සංගක්කාර දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. 

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග කළ ප්‍රකාශයත් සමග ඉන්දීය මාධ්‍යවල ද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.