Monday, September 23, 2024

General line - 0115112241

හෙරොයින් සන්තකව තිබූ කතක් ඇතුළු තිදෙනෙකු පොලිස් දැලේ




හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කොළඹ හැව්ලොක් ටවුම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කාන්තාව සන්තකයේ තිබී සොයා ගැණුනු හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 03 කට අධිකයි. 

46 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි කාරියක් වන ඇය කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑමයක් සොයා ගෙන තිබෙනවා. 

ඔවුන් කිරුලපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 සහ 35 යන වයස් සීමාවල පසුවන්නන්. 

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කළ විශේෂ වැටලීමකදීයි. 

සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.