Monday, September 23, 2024

General line - 0115112241

ගම්මිරිස් ගොවියෝ අදත් මහ පාරේ




ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස රජයට බල කරමින් ගම්මිරිස් ගොවීන් තුන්දහසකට අධික පිරිසක් මිද්දෙනිය නගරයේදී අද (15) විරෝධතාවක නිරත වුණා. 

ගම්මිරිස් මිළ වෙළඳපලේ පහත වැටීම හේතුවෙන් සිය ආර්ථීක තත්ත්වය ද පහත වැටී ඇති බවයි විරෝධතාවට එක්ව සිටින ගම්මිරිස් ගොවීන් පවසන්නේ. 

මීට පෙර ද ගම්මිරිස් සඳහා සාධාරණ මිළක් ලබා දෙන ලෙස ඉල්ලමින් පල්ලේබැද්ද ප්‍රදේශයේ ද විරෝධතාවක් පැවැත්වුණා. 

කෙසේ වෙතත් ඊයේ (14) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත ගම්මිරිස් මිළ දී ගැනීම සඳහා රජය ස්ථාවර මිලක් නියම කරන බවයි. 

කැබිනට් අනුමැතියකින් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.