Monday, September 23, 2024

General line - 0115112241

අද සිට කොළඹ කොටුව - තලෙයිමන්නාරම් දුම්රිය ධාවනය නවතී

සජිත් තිලකරත්න




කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද (17) සිට සතියක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ, මැදවච්චිය සහ චෙඩ්ඩිකුළම අතර ප්‍රදේශයේ පැරණි පාලමක් ඉවත් කර නව පාලමක් සවි කිරීම හේතුවෙන්. 

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ ලබන 23 වනදා දක්වා දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමෙන බවයි. 

එම කාලය තුළ දුම්රිය ධාවනය සිදු වන්නේ කොළඹ කොටුවේ සිට මැදවච්චිය දක්වාත්, මැදවච්චියේ සිට කොළඹ කොටුව දක්වාත් පමණයි. 

මගී ජනතාවට සිදු වන අපහසුතා සලකා තලෙයිමන්නාරම සහ මැදවච්චිය අතර විශේෂ ලංගම බස් රථ සේවාවක් යෙදවීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.