බලපත්ර නොමැතිව ටී පනස් හය ගිනි අවියක් සහ පතරොම් 25ක් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මීරිගම කිතලවලාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 44 සහ 21 වන වියේ පසුවන්නන්ය.
ඔවුන් මීරිගම ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කිරීමට නියමිතයි.