සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය වී බාලක්‍රිෂ්ණන් නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ සිංග්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඔහු ඇතුළු නියෝජිතයන් හත් දෙනෙකු දිවයිනට පැමිණි බවයි.
සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දින 5 ක් ශ්‍රී ලංකාවේ රැදි සිටිනවා.
එම කාලසීමාවේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සමගද ඔහු සාකච්ඡා කරනු ඇති.
ඊට අමතරව රජයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමගද ඔහු සාකච්ඡා කිරීමට නියමිතයි.
සිංගප්පූරු රතු කුරුස සමාජය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අතර ද්විපාර්ශවික ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබෙනවා.
ඒ, මෙරට කෙරෙන ව්‍යාපෘතීන්වලට අදාළවයි.
.
මෙම සංචාරයේදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා යාපනයේ නිරීක්ෂණ චාරිකවකටද එක්වනවා.
එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම ප්‍රධාන අමාත්‍යවරයා සමගද ඔහු සාකච්ඡා කරනු ඇති.