Saturday, January 11, 2025

General line - 0115112241

නියගයෙන් වව්නියාවේ අසූ පන්දහසකට පීඩා




පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් විසිහතර දහස් පන්සිය හතකට අයත් පුද්ගලයන් අසූ පන්දහස් හත්සිය හැත්තෑ දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම පිරිසෙන් පවුල් හයසිය හැට හතකට අයත් පුද්ගලයන් දෙදහස් පන්සිය අසූ තුන්දෙනෙකු උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණපා සිටින  බවයි. 

පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශ මැදිහත්වී ඔවුන්ට ජලය ලබාදීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.