Monday, September 23, 2024

General line - 0115112241

අද කොළඹට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්




අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධාන කර ඇති උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මගින් කොළඹ කොටුව ආශ‍්‍රිතව  අද (18) උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට ලැබුණු තොරතුරකට අනුවයි  කොටුව පොලිස් ස්ථානය මගින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ.

ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබෙන්නේ මෙම පෙළපාලිය සහ උද්ඝෝෂණය මහජනයාට හා මාර්ගවල ධාවනය කෙරෙන රථවාහනවලට බාධාවක් ඇති වන ආකාරයට පවත්වාගෙන යාම හා ගමන් කිරීමෙන් වැලකී සිටිය යුතු බවටයි.

රජයේ කාර්යාලවලට බලහත්කාරයෙන් සහ සාමය කඩවන ආකාරයට ඇතුල් වීමෙන් වැළකිය යුතු බවට ද නියෝග කර තිබෙනවා.