Monday, September 23, 2024

General line - 0115112241

උද්ඝෝෂණයක් නිසා කොළඹ පාරවල් හිර වෙයි




කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා ලොටස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මහජනතාව හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කර වාහන තදබදය අවම කිරීම සඳහා සහය වන ලෙසයි.