දීර්ඝ විවාදයකින් හා ගැටුමකින් පසු උතුරු මැද පළාත් සභාවේ නව සභාපති ලෙස ඩී.එම්.අමරතුංග පත් කර තිබෙනවා.
උතුරු මැද පළාත් සභාවේ සභාපතිව සිටි ටී.එම්.ආර්.සිරිපාලට එරෙහිව අද (18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය ද දෙකඩ වී ගියා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රිවරුන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළා.