සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් කොළඹ කොටුවේ දී අද (18) විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා.
ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල සිට පැමිණි විරෝධතා පාගමනකින් පසුවයි.
මෙම විරෝධතාවට අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂූ බල මණ්ඩලය ද එක්ව සිටියා.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර එහි දී අධිකරණය නියෝග කළේ පෙළපාලිය සහ උද්ඝෝෂණය මහජනයාට හෝ වාහනවලට හෝ බාධාවක් ඇති වන ආකාරයට පවත්වාගෙන යාම හා ගමන් කිරීමෙන් වැලකී සිටිය යුතු බවටයි.
කෙසේ වෙතත් විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ආශ්රිත ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් ද හට ගැණුනා.