Sunday, January 12, 2025

General line - 0115112241

හරීන් ඇමතිකමෙත් නෑ - ගූගල් බැලුමේ සැඟවුණු පැත්ත 




ගූගල් ලූන් පිළිබඳව ද ඇතැමුන් කිසිදු වැටහීමකින් තොරව කරුණු සඳහන් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ කාර්යාලය  පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු අදාළත්වයක් නොමැති උත්සවයක් ද ගූගල් ලූන් ව්‍යාපෘතියට කළ වියදම් ලෙස අර්ථදක්වා ඇති බවයි.

ගූගල් ලුන් google වෙතින් නොමිලේ ලැබුණු ව්‍යාපෘතියක් වන අතර බැලුම උඩ ඇරීම ඇතුළු සියලු දේ සඳහා ජනතා මුදල් ලබා නොගත් බව ඔවුන් පෙන්වා දෙනවා.


මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති  අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක් වැය කළ බව ඇතැමුන් සඳහන් කළත් ගූගල් ලුන් වෙනුවෙන් එවැනි උත්සවයක් නොපැවැත්වූ බවත් ඔවුන් සඳහන් කරනවා.

2015 ජුලි 28 දින අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ බව කියන  උත්සවය ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධ උත්සවයක් මිස ගූගල් ලුන් සම්බන්ධ  උත්සවයක් නොවන අතර  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒවනවිට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා නොවන බවද අමාත්‍යාංශය  පෙන්වා දෙනවා.

එම උත්සවයේ ආරාධනා පත්‍රය පහතින් දැක්වෙනවා.


ගූගල් ලුන් වෙනුවෙන් කෙටි චිත්‍රපට නිපදවීම සඳහා මුදල් වැය කිරීමක් සම්බන්ධයෙන් ද ඇතැමුන් ප්‍රශ්න කර තිබූ අතර එම කෙටි චිත්‍රපට සකස් කළේ නොමිලේ  වයිෆයි ලබාදීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මිස ගූගල් ලුන් පිළිබඳව නොවන බවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ කාර්යාලය සඳහන් කළා.