Monday, September 23, 2024

General line - 0115112241

නැවත පිළිතුරු දෙන්න ජනතාවට අවස්ථාවක් එයි




ජාතිවාදය රටතුල වපුරා නැවත බලයට ඒමට කටයුතු කරන හිටපු පාලකයන්ගේ ක්‍රියාපිළිවෙත පිළිබඳව මෙරට බුද්ධිමත් ජනතාව නිරන්තර අවධානයෙන් පසුවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.

අගුණකොලපැලැස්ස මුරවැසිහේන බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනව ධර්ම මන්දීරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක් වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඔවුන්ට නැවත නිසි පිළිතුරු ලබාදීමට මෙරට ජනතාව පෙළගැසිය යුතු බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"අද මහා ඝෝෂාවක් කරනවා පන්සල් කඩනවා ලු.. , පිං පෙට්ටි කඩනවා ලු.. කවුද? මේවා කියන්නේ. ඒකාබද්ද විපක්‍ෂයේ කණ්ඩායම තමයි. ඒ අයට අද මතක නැහැ , ඒ අයගේ යුගයේ පන්සල් වෙහෙර විහාර දාගැබ් කඩලා ධාතු ගත්තු..  නිදන් හෑරු අන්දම. ඇත්තු මැරූ.. ඇත්දළ ගත්තු  ඒ යුගය අමතක කරලා."