Monday, September 23, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහිව වෛද්‍යවරු ජාත්‍යන්තරයට පැමිණිළි කරයි




සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු බව කියමින් සයිටම් විරෝධී සරසවි සිසුන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ජාත්‍යන්තරයට පැමිණිළි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ලබන සිකුරාදා ඊට අදාල පැමිණිල්ලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට භාර දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉදිරියේ දී තවත් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ සරසවි සිසුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ නීති විරෝධී ආයතනයකට එරෙහිව බවයි. ඊට අදාල කරුණු දැන් ඔප්පු වී ඇති බව ද ඔහු කියා සිටියා. 

පවතින තත්ත්වය හේතුවෙන් ගැටළු රැසක් උද්ගත වනු ඇති බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ. 

සයිටම් විරෝධී සරසවි සිසුන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට ද පැමිණිල්ලක් භාර දුන්නා.