යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ද දැනුම් දීමක් කර තිබෙනවා.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසන් සභාව ඊයේ තීරණය කළා.