Monday, September 23, 2024

General line - 0115112241

චන්දිමාල්ට ඉන්දියාව සමග තරගය අහිමි වෙයි




උණ රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඉන්දියාව සමග ලබන 26 වනදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වීමේ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට අහිමි වී තිබෙනවා. 

මේ වනවිට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියා සිටියේ.

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වනවා. 

ඔහු සහභාගී නොවීම හේතුවෙන් ඉන්දියාව සමග ලබන 26 වනදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.