Sunday, April 28, 2024

General line - 0115112241

මලින්දගේ  නායකත්වයෙන් වොලිබෝල් පිළ පිටත්වේ 

කසුන් කැලුම් 




19 වන ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (22)අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. 

තරගාවලියට මෙවර සත්කාරකත්වය ලබාදෙන්නේ ඉන්දුනීසියාවයි. 

ශ්‍රී ලංකාව මෙහිදී 'සී' කාණ්ඩයෙන් තරග වදින අතර ඊට දකුණු කොරියාව, ජපානය සහ වියට්නාමයද ඇතුළත්. 

ශ්‍රී ලංකා වොලිබෝල් පිලට ශමිල් මලින්ද සිල්වා නායකත්වය ලබාදෙනවා. 

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 24 වනදා ජපානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.