Friday, January 17, 2025

General line - 0115112241

බ්‍රසීලයේ අගනුවර දී පොලිස් නිලධාරීන් 91 දෙනෙකු ඝාතනය කෙරේ (PHOTOS)




මෙම වසරේ ගත වූ කාලය තුළ දී පමණක් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ අගනුවර තුළ පොලිස් නිලධාරීන් 91 දෙනෙකු ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

එය 2016 වසර පුරා සිදු වූ ඝාතනවලටත් වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

නවතම දත්තවලට අනුව සෑම පැය 54කටම වරක් රියෝද ජැනයිරෝ නුවර දී එක් පොලිස් නිලධාරියෙකු ඝාතනයට ලක් වනවා. 

පවතින තත්වය හමුවේ පොලිසියට සහය දැක්වීම සඳහා අතිරේක භට කණ්ඩායම් දහසක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා. 

ඊට සහය පළ කරමින් රියෝද ජැනයිරෝ නුවර දී රැළියක් ද සංවිධාන කර තිබුණා.