Monday, May 13, 2024

General line - 0115112241

අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාව යුද හමුදා පොදු සේවා බලකායට (PHOTOS)




අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය සමත් වී තිබෙනවා. ඒ, අවසන් මහා තරගයේ දී යුද හමුදා සංඥා බලකාය පරාජය කරමින්. අවසන් ලකුණු සටහන දැක්වුණේ 26ට 03ක් ලෙසයි.

අවසන් මහ තරගය ආරම්භ වීමට පෙර කොළඹ තුරගතරග පිටියේ දී පකිස්තාන යුද හමුදා රගර් කණ්ඩායම හා ශ‍්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායම අතර සුහද තරගයක් ද පැවැත්වුණා.

එහි ජය හිමිකර ගැනීමට සමත් වුණේ පකිස්තාන යුද හමුදා කණ්ඩායමයි.

ජයග‍්‍රාහකයින් වෙත කුසලාන පිරිනැමීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අතින් සිදු කෙරුණා.