Sunday, September 8, 2024

General line - 0115112241

අද නිවාඩු දෙන පාසැල් යළි විවෘත කරන්නේ එකම දිනක නොවේ - වෙනස් වූ දින මෙතැනින් දැන ගන්න 




රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2017 දෙවන අධ්‍යයන වාරය අදින් අවසන් වනවා. 

තුන්වන අධ්‍යයන වාරය සඳහා පාසල් නැවත විවෘත වන්නේ සැප්තැම්බර් 06 වනදායි. 

කෙසේ වෙතත් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් 05ක් සැප්තැම්බර් 20 වනදා දක්වා වසා තැඛෙනවා. 

එම පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහා දේවී බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සහ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයයි. 

එම පාසල් තුන්වන අධ්‍යයන වාරය සඳහා විවෘත කෙරෙන්නේ සැප්තැම්බර් 21 වනදා බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. 

තවත් පාසල් 22ක් සැප්තැම්බර් 07 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා කොටසක් වසා තැබීමට නියමිතයි. 

එම පාසල්වල නාම ලේඛණය මෙතැනින්  නැරඹිය හැකියි.