Wednesday, September 25, 2024

General line - 0115112241

ගොයම් කපමින් සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට




සංචාරක වීසා මත මෙරටට පැමිණ ගොයම් කපන යන්ත්‍රවල රියදුරන් ලෙස සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු සමන්තුර - නින්දවුර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යන චෝදනාව යටතේ සමන්තුරය පොලිසිය මගිනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

සැකකරුවන් 21 සහ 27 යන වයස් සීමාවල පසුවන තමිල්නාඩු පදිංචිකරුවන්. 

ඔවුන් සමන්තුරය මහේ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.