Wednesday, September 25, 2024

General line - 0115112241

රිය අනතුරකින් පහකට බරපතල තුවාල




අනුරාධපුර - බුලංකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද අළුයම අනතුර සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයින්. 

මෝටර් රථයේ රියදුරු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.