Wednesday, September 25, 2024

General line - 0115112241

මන්ත්‍රී නලීන්ගේ ප්‍රශ්නයට අමාත්‍ය ලක්ෂ්මන් යාපාගෙන් පිළිතුරු




ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත්දා තමන් කළ ප්‍රකාශය නිවැරදි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. 

ඒ, එක්සත් ජාතික පක්ෂය ඊයේ (12) එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

බැඳුම්කර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ට්‍රිලියනයක අලාභයක් සිදුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. 

එහෙත් එය වැරදි තත්වයක් බවත් වහාම එය නිවැරදි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා. 

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව එක්සත් ජතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරියේදී විරෝධතා සිදු කිරීමට ඉඩ ඇති බවයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ.