Wednesday, September 25, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධියට 'ශ්‍රීලනිප'යට වගකියන්න බැහැ ලු




වර්තමානයේ යහපාලන ආණ්ඩුවට එල්ල වන ඇතැම් චෝදනාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකිව යුතු නැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

බැඳුම්කර ගනුදෙනුවේ දී සිදු වූ පාඩුවට හා නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර යටිනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ඊට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ද සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවන බවයි රෙජිනෝල්ඩ් කුරේ කියා සිටි‍යේ. කෙසේවෙතත් පක්ෂය යළි සමගි කර ජයග්‍රහණය කරා ගෙන යාම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.