Wednesday, September 25, 2024

General line - 0115112241

විජයදාස ඉවත් කරන්නැයි යහපාලනයට උරදුන් සංවිධාන කියයි




අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව යහපාලනයට උරදුන් සංවිධාන අවධාරණය කරනවා.

ඔවුන් කියා සිටියේ විජයදාස රාජපක්ෂට එරෙහිව තමන් සතුව සාක්ෂි ද පවතින බවයි.

මෙම පිරිස එම අදහස් පළ කළේ "හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය" නමින් කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊට එක්වූ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ ඉකුත් සමයේ සිදු වූ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ප්‍රමාද කිරීම ගැටළුවක් බවයි.

වත්මන් ආණ්ඩුව ඉටු කර ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් සතුටු විය හැකි නමුත්, සෑහීමකට පත්විය හැකි තත්වයක් නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.