Wednesday, September 25, 2024

General line - 0115112241

මාරපන එපා - ජවිපෙ කියයි




විදේශ කටයුතු අමාත්‍ය  ධුරයට තිලක් මාරපන පත් කිරීම සුදුසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ප්‍රකාශ කළේ මෙවැනි පත් කිරීමකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයට වැඩබලන අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන බොහෝ දුරට පත් කරනු ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.

එම පත් කිරීම හෙට (15) දිනයේ සිදු කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.