Wednesday, September 25, 2024

General line - 0115112241

විශේෂ දුම්කොළ පැකට් තොගයක් කටුනායකින් හමුවෙයි (PHOTOS)




මත්ද්‍රව්‍යක් ලෙස සැලකෙන විශේෂ දුම්කොළ පැකට් තොගයක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ 26 හැවිරිදි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ගුවන් තොටුපල රේගුව විසින්. සැකකරු සතුව තිබී දුම්කොළ පැකට් 1600ක් සොයා ගැණුනා.

මේවා ශ්‍රී ලංකාවේ පළමු පැලැන්තියේ අවන්හල් වල දුම්කුඩු උරා බොන විශේෂ යන්ත්‍රයකට දමා වාෂ්ප ලෙස උරා බීම සිදු කෙරෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම දුම්කොළ "ශීෂා" රසයෙන් යුතුව නිෂ්පාදනය කර තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 25ක්. ගුවන් තොටුපල රේගුව සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.