Wednesday, September 25, 2024

General line - 0115112241

නීතිපති  සහ පොලිස් දෙපාර්තමේන්තුවලට චෝදනා! - පාඨලී 'දඬුවම්' ඉල්ලයි




අතීතයේ දූෂිතයන්ට දඬුවම් පැමිණවීම කඩිනම් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අද (14) බත්තරමුල්ලේ ජාතික හෙළඋරුමයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ විශේෂ අධිකණයක් පිහිටුවා එය කඩිනමින් කළ යුතු බවයි.

‘ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීම වුණේ හොරකම දූෂණය වැළැක්වීම හා අතීතයේ දූෂණ කළ අයට දඬුවම් දීම. ඒ  වංචා දූෂණ පරීක්ෂණ ප‍්‍රමාද කරන බවට පොලිස් දෙපාර්තමේන්තුවටත්  නීතිපති දෙපාර්තමේන්තුවටත්  චෝදනා එල්ලවෙනවා. අපිත් ඒ චෝදනාව කරනවා." යනුවෙන් අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.