Wednesday, September 25, 2024

General line - 0115112241

ආපහු රට යන විට ගන්න රුපියල්17500 අසාධාරණයි..මුදල් නොගන්නා ලෙස රජයට බලපෑම් 




මවිබිමට පැමිණ යළි විදේශගත වෙද්දී ශ්‍රී  ලාංකිකයන්ගෙන්  අය කරන රුපියල් 17500 ක මුදල අය නොකළ යුතු බව එතෙර අපි සංවිධානය රජයට අවධාරණය කර සිටිනවා.

මුලින් සේවා ස්ථානයවෙනස් කර වෙනත් ස්ථානයක රැකියාවකට යන නිසා මෙම  මුදල  අය කරන බව පවසතත් එය අසාධාරණ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් පවුලේ විවාහයකට හෝ අවමගුලකට මෙරටට පැමිණ නැවත විදෙස් ගතවනවිට ද මෙවැනි විශාල මුදලක් ගුවන්තොටුපොළේදී අයකිරීම නිසා බරපතළ ගැටලුවකට මුහුණ දෙන බවයි එම සංවිධානය අවදාරණය කර සිටින්නේ.