Wednesday, September 25, 2024

General line - 0115112241

ප්‍රමුඛතා මංතීරු හෙට සිට ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි 




මගී ප්‍රවාහන බස් රථ සේවා සඳහා ප්‍රමුඛතා මංතීරු හෙට (15) සිට ක්‍රියාත්මක වෙනවා.

ඒ, මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වාත්, සැවෝයි සිනමාශාලාව ආසන්නයේ සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

සතියේ දිනවල උදෑසන 06.00 සිට උදෑසන 09.00 දක්වා කාලය තුළ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වනවා.

අදාළ කාලය තුළ එම මංතීරුවෙහි අනෙකුත් වාහන ධාවනය කිරීමට ඉඩ ලබා නොදෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

අගෝස්තු 22 වනදා සිට කටුබැද්ද මන්සන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්, බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල හන්දිය දක්වාත් බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතයි.