Wednesday, September 25, 2024

General line - 0115112241

ලොව විශාලතම ගුවන් යානය ලංකාවට ඇවිත් 'අද' වෙච්ච දේ 




එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඒ - 380 වර්ගයේ ගුවන්යානයක් අද (14) කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණියා.

ඒ ඩුබායි සිට අද පස්වරු 04.30ට පමණ බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ලෙස සැළකෙන  මෙම  යානය අපහසුතාවයකින් තොරව ගොඩබෑම සිදුකළ බව ද වාර්තා වනවා.

වසරේ මුල සිදුකළ  ධාවන පථයේ නවීකරණය හේතුවෙන්  ලොව විශාලතම ගුවන් යානා මෙරටදී හැසිරවිය හැකි බවයි  කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු පෙන්වා දෙන්නේ.

දියුණුවට පත් ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අද දක්නට ඇති විශාලතම ගුවන් යානය වන්නේ යුරෝපයේ එයාර්බස් සමාගම විසින් නිෂ්පාදිත A 380 යානාව යි. 

මගීන් 517ක් රැගෙන අඩි 43,000ක් ඉහළ අහසේ ගමන්කිරීමට ඊට හැකියාව තිබෙනවා.