Wednesday, September 25, 2024

General line - 0115112241

නීතිපති දෙපාර්තමේන්තුව ගැන චන්දිම වීරක්කොඩි කියන දේ




නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු අතින් යම් අතපසු වීමක් සිදුව ඇත්නම් ඊට එරෙහිව පියවර ගත යුතු බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ එසේ නොකර ස්වාධීනව රාජකාරී සිදු කරන නිළධාරීන්ට අපහාස නොකළයුතු බවයි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සම්බන්ධයෙන් රවී කරුණානායක ඉකුත්දා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

විජයදාස රාජපක්ෂ සහ ෆයසිර් මුස්තාෆා යන අමාත්‍යවරුන්ට ඉදිරිපත් වීමට නියමිත බව කියන විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.