Wednesday, September 25, 2024

General line - 0115112241

කුමක් පැවසුවද තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ඩෙනීෂ්වරන් කියයි 




තමා නියෝජනය කරන ටෙලෝ සංවිධානය හෝ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කුමක් පැවසුවද තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් පවසනවා. 

මන්නාරමේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

ඔහුට සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව දැනුම් දීමක් සිදු කර තිබුණා. 

එමෙන්ම පළාත් අමාත්‍ය ධුර සියල්ල වෙනස් කළ යුතු බව ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ද ප්‍රකාශ කර තිබෙනවා.