Wednesday, September 25, 2024

General line - 0115112241

කොළඹ සිට යාපනයට ධාවනය වූ දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටෙයි - අයෙක් මරුට (PHOTOS)




කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ දුම්රිය වවුනියාව තාණ්ඩිකුලම් දුම්රිය හරස් මාර්ගයේදී අද (14) සවස ත්‍රිරෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී ත්‍රිරෝද රථය දුම්රියේ ගැටී ඇති බවයි.

අනතුරින් වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කිරුබා නමැති ත්‍රිරෝද රථ රියදුරෙක්  ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයාගේ සිරුර වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.