Wednesday, September 25, 2024

General line - 0115112241

ජල විදුලි නිෂ්පාදනය ගැන අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයි 




මධ්‍යම කඳුකරයට ඇඳහැළුණු වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. 

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ එම ජලාශවල ජල මට්ටම 39% පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

කෙසේවෙතත් ජල විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.