Wednesday, September 25, 2024

General line - 0115112241

අද ශිරන්ති රහස් පොලිසියට - තාජුඩීන්ගේ මරණයට පසු කළු කළ වාහනයක් !

චිරාන් ජීවන්ත ධර්මසේන




රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි. 

ඒ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මීට පෙර කළ දැනුම් දිමකට අනුවයි. 

ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. 

එම රථය රතු කුරුස සංවිධානය විසින් සිරිලිය පදනමට ලබා දී ඇති එකක් බවයි හෙළි වී ඇත්තේ. 

කෙසේ වෙතත් සිදු පැහැති මෙම ඩිෆෙන්ඩර් රථය තාජුඞීන් ඝාතන සිද්ධියෙන් පසු කළු පැහැ ගන්වා  ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා. 

මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. 

තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ද  ප‍්‍රශ්න කිරීමට නියමිතයි.