Wednesday, September 25, 2024

General line - 0115112241

ද්විත්ව පුරවැසිභාවය ගැන ඉල්ලු තොරතුරු වලට වෙච්ච දේ




රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් පත් කරන විටදී ද ද්විත්ව පුරවැසි භාවය ඇති අය පත් නොකිරීමට වග බලා ගන්නැයි පැෆරල් සංවිධානය බලධාරින්ගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.

එම නාම ලේඛනයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමයක් මුලකුරු සමඟ පවතින නිසා එය සෙවීමේදී සාධාරණ කාලයක් ගත වන බවයි සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් අද (15) වන විටත් ද්විත්ව පුරවැසිභාවය දරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිවලට මෙතෙක් සැළකිය යුතු ප්‍රතිචාරයක් ලැබී නැතැයි පැෆරල් සංවිධානය පවසනවා. 

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මේ නිසා අදාළ කරුණ යළි මතක් කරමින් සිහි කැඳවීමේ ලිපියක්ද යොමු කළ බවයි.