Wednesday, September 25, 2024

General line - 0115112241

ප්‍රමුඛතා මන්තීරුවේ තවත් අදියරක් ගැන ඇමති පාඨලීගෙන් ඉඟි




ප්‍රමුඛතා මන්තීරු ක්‍රමයේ සාර්ථකත්වය අනුව සීග්‍රගාමී බස් රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය තවත් මාර්ග කිහිපයකට ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි. 

කොළඹ, තදාසන්න මාර්ග කිහිපයක ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය අද (15) සිට ආරම්භ කෙරුණා. 

එම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මොරටුව කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වාත් සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා. 

ලබන 22වනදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත් එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එමෙන්ම බම්බලපිටිය මංසන්ධියේ  සිට පිත්තල හන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ. 

ලබන 29 වනදා බත්තරමුල්ල දියත උයන ආසන්නයේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන් හෝල් මංසන්ධියේ සිට තුන් මුල්ල දක්වාත් මෙය ක්‍රියාත්මක කෙරෙනවා.