Wednesday, September 25, 2024

General line - 0115112241

හොඳම රියදුරා තෝරන්න පොලිසියෙන් තරඟයක්




මහමග රිය ධාවනය කරන විනීත හා හොඳම රියදුරා තේරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය විසින් ආරම්භ කර තිබෙනවා. 

ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදී. 

එම වැඩසටහනේ පළමු අදියරේ ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීම මහනුවර පොලිස් මූලස්ථානයේදී අද (15) සිදු කෙරුණා. 

මහ මග ආරක්ෂාකාරීව රිය ධාවනය සහ  මාර්ග සංඥා පිිළිපැදීම වැනි කරුණු කිහිපයක් මුල් කරගනිමින් ජයග්‍රාහකයන් තෝරා ගැණුනා. 

එලෙස ජයග්‍රහණය කළ රියදුරන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල විශේෂ ස්ටිකරයක් ඇලවීමද අද (15) දිනයේදී සිදු කර තිබෙනවා.