ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ බදු මුදල ඉහළ නංවා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ රුපියල් අටකින් අද (15) සිට බදු මුදල ඉහළ දමන බවයි.
කිලෝග‍්‍රෑමයක් සඳහා මේ දක්වා පනවා තිබුණේ රුපියල් 10ක විශේෂ භාණ්ඩ බද්දක්.
නව මිළ ඉහළ නැංවීමත් සමග මෙම බදු රුපියල් 18ක් දක්වා ඉහළ යනු ඇති.
දේශීය උක් ගොවීන් දිරි ගැන්වීම සඳහා මෙම බදු ඉහළ නැංවීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යංශය සදහන් කළේ.
කෙසේ වෙතත් වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ ගිය ද වෙළඳපොලේ සීනි මිලෙහි කිසිදු වෙනසක් නොවන බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී එම් අබේසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ.