Wednesday, September 25, 2024

General line - 0115112241

විජයදාසගේ විශ්වාසභංගයට අස්ගිරියේ විරෝධය 




බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමේ සූදානම හෙළා දකින බව අස්ගිරි මහා සංඝ සභාව පවසනවා.  

එම සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා. 

බුද්ධශාසන අමාත්‍යවරයාට එරෙහිව එවැනි විශ්වාසභංගයක් ගෙන ඒම නතර කරන ලෙස සිය කාරක සංඝ සභාව ඉල්ලා සිටින බවයි උන් වහන්සේ කියා සිටියේ.