Friday, May 3, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද පිටියට




දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහල පාපන්දු ශූරතා තරගාවලිය නේපාලයේ දී අද (18) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද තරග වැදීමට නියමිතයි. පස්වරු 03ට එම තරගය ආරම්භ වනවා.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් ඉදිරිපත්ව සිටින අතර, A කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය තරග වදිනවා. 

B කාණ්ඩයෙන් තරග වදින්නේ ඉන්දියාව, නේපාලය සහ මාලදිවයිනයි. තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 27 වනදා පැවැත්වීමට නියමිතයි.