Sunday, May 5, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝලීන් හූ කියමින් පිටිය මැද්දට පනී - ශ්‍රී ලංකා පිළට දැඩි ආරක්ෂාවක් (PHOTOS)




ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති පළමු එක්දින තරඟයෙන් අනතුරුව තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනය තුළදී උණුසුම්කාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණා.

තරගය අවසන් වී ක්‍රීඩකයින් පිටව යන්නට හදන අවස්ථාවේ ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයින්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වුණා.

පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරමින් පිරිස පාලනය කොට කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හා ක්‍රිකට් බලධාරීන් පිටත් කර යැවීමට කටයුතු කළා.

ක්‍රීඩා ලෝලීන් මුලින්ම තරගය අවසන් වනවාත් සමග ක්‍රීඩා පිටිය මැදට පැමිණ හු කියමින් විරෝධය පාන්නට වූ අතර පොලිසිය පැමිණ පිරිස ක්‍රීඩාංගනයෙන් ඉවත් කරන්නට වූණා.

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අමුත්තන්ගේ කාමරයේ සිට ඒ දෙස බලා සිටින අකාරය දැකගත හැකිවුණා.

මාධ්‍ය හමුව අවසන් වී ක්‍රීඩකයන් පිටතට එන්නට සුදානම් වෙද්දී ක්‍රීඩාංගනය ඉදිරිපිට රැදී සිටි විශාල පිරිසක් හු කියමින් ක්‍රිකට් බලධාරීන්ට සිය විරෝධය එල්ල කරන්නට ද කටයුතු කළා.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා භූමි පරිශ්‍රයෙන් ඉවතට ගෙන යෑමට පොලිසියට දැඩි  ආරක්ෂාවක් යොදවන්නට සිදු වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ පසුගිය කාලයේ පටන් එක දිගට වැළඳගෙන සිටින අමිහිරි ක්‍රිකට් පරාජයන් හමුවේ ක්‍රීඩා ලෝලීන් මෙලෙස උණුසුම්කාරී ලෙස හැසිරුණු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

ශ‍්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව සිය සිව් වන ජයග‍්‍රහණය ද ඊයේ ලැබූ ජයෙන් පසු වාර්තා කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 09ක පහසු ජයග‍්‍රහණයක් වාර්තා කරමින්. මෙම තරගාවලියට පෙර පැවති ටෙස්ට් තරගාවලිය ද 3 ට 0ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. 

(උණුසුම්කාරී අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි)