Wednesday, September 25, 2024

General line - 0115112241

"පක්ෂය තුළ ද්‍රෝහීන්" - එජාපයේ පසුපෙළ හඬනගයි




අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළම මත දෙකක් නිර්මාණය වී තිබෙනවා.

එක් පාර්ශ්වයක් පවසන්නේ අමාත්‍යවරයා බොහෝ දුරට අද හෝ හෙට සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි.

අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සූදානමක් ඇතැයි පෙනෙන්නට නොමැති බවයි අනෙක් කණ්ඩායම පවසන්නේ. 

මේ හේතුවෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවද ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ඉදිරි පැය 48ක කාලය තුළ ගැටළුව විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඔවුන් අපේක්ෂා කරන පරිදි විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවුණහොත් පවසන පරිදි ගන්නා වෙනත් ක‍්‍රියාමාර්ග කවරේදැයි නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රී කණ්ඩායමෙන් විමසීමක් කළා.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ ගැටලුව සම්බන්ධයෙන් නිසි පියවරක් නොගන්නේ නම් දැඩි පියවරයන් අනුගමනය කරන්නට කටයුතු කරන බවයි. පක්ෂය තුළ සිටින ද්‍රෝහීන් හඳුනා ගත යුතු බවද ප්‍රකාශ කෙරුණා.