Wednesday, September 25, 2024

General line - 0115112241

හොඳින් හෝ නරකින් මැතිවරණය ගන්නවා




ලබන දෙසැම්බර් මාසය වීමට පෙර හොඳින් හෝ නරකින් පළාත්පාලන මැතිවැණය පවත්වා ඉන් බහුතර බලයක් ලබාගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පවසනවා.

දැන් ගත වන්නේ ආණ්ඩුවේ අවසන් කාලය බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ. ඒකාබද්ධ විපක්ෂයට ගහන්න ගහන්න එය තව තවත් ශක්තිමත් වන බවද ප්‍රකාශ කෙරුණා.

ඒකාබද්ධ විපක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය යුතු බවට බොහෝ දෙනෙකු ප‍්‍රකාශ කර ඇතත් එය සිදුවිය යුත්තේ කෙසේදැයි කිසිවෙකුත් ප‍්‍රකාශ නොකරන බවද ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා සඳහන් කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ හලාවත ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.