Wednesday, September 25, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය ලියූ දරුවන්ගේ දෙමාපියන්ට තවත් පණිවුඩයක්




ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් හුරු කළ සමයේ දී කටයුතු කළ පරිදි විභාගය අවසන් වීමෙන් පසුවද දරුවන්ට සමීපව සිටින්නැයි විද්වතුන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දක්වන උනන්දුව ඉන් පසුව ඇතැම් දෙමව්පියන්ගෙන් ගිලිහී යන තත්වයක් දක්නට තිබෙන බවයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මෙම කරුණු පෙන්වා දුන්නා. 

ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ බොහෝ දෙමව්පියන් යළි දරුවන්ට සමීප වන්නේ සාමාන්‍ය පෙළ විභාගය ආසන්න වූ විටදී බවයි.