Wednesday, September 25, 2024

General line - 0115112241

දුම්රිය ප්‍රමාදයක්




පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු ව ඇති බව වාර්තා වෙනවා.

හලාවත සහ තවරාන අතර ප්‍රදේශයේදී ගමන් ගත් දුම්රියේ ගවයෙකු ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදු ව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. 

මේ අතර කැළණිවැලි මාර්ගයේද දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

ඒ එම මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.